ශ්‍රී ලංකාවට වාර්තා ගත ජයක්
වසර 30කට පසුව ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජයට පත්කරමින් එක්දින තරගාවලියක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවට එරෙහිව අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලියක් ජයග්‍රහණය කර තිබුණේ 1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙනි. තරග තුනකින් සමන්විත වූ එම තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රි ලංකාව ගත්තේය.
ඒ ඔස්ට්‍රේලියාට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන්ද ලකුණු 4ක ජයක් වාර්තා කරමිනි.
මේ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 258ක් රැස්කළේය.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ චරිත් අසලංක සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 110ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අගනා සහායක් ලබාදුන් ධනංජයද සිල්වා ලකුණු 61ක් රැස්කළේය.
ලකුණු 259ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 50කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 254ක් පමණි.
ඩේවිඩ් වෝනර් ලකුණු 99ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය, වැන්ඩසේ හා චාමික කඩුලු දෙක බැගින් දවාගත්හ.
popular news
-
Demuni Uduwara Wednesday, 22 June 2022 12:55 AM
A cold war between a weak cattlekeeper and idiotic wild Buffalo !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

